ශ්‍රී ලංකාවේ දියාරු පිතිකරණයෙන් තරගාවලිය සමවෙයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිළ සමත් වුණා.

හරාරේ හිදී පැවති තරගයේ සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අන්ත අසරණ කරන්නට නායක සිකන්දර් රාසා ප්‍රමුඛ සිම්බාබ්වේ පන්දුයවන්නන්ට හැකි වුණා.

යාන්තමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 80ක් වෙද්දී ශ්‍රී ලංකා පිළේ අවසන් කඩුල්ල දවාගන්නට බ්රැඩ් එවන්ස් සමත් වුණේ ඔහුගේ තුන්වන කඩුල්ල සම්පූර්ණ කරගනිමින්.

නායක රාසා ද ලකුණු 15ක් තුළ කඩුලු 03ක් දවා ගත්තා.

මෙම ලකුණු පුවරුව වාර්තා වූයේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගයක ලබාගත් දෙවනියට අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අපොහොසත් වූ අතර යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිමබාබ්වේ පිළ පන්දුවාර 14යි පන්දු 02ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී ගොස් තරගය ජයගත්තා.

ඒ අනුව තරගාවලිය 01 – 01ක් ලෙස සම මට්ටමට පැමිණි අතර තීරණාත්මක තුන්වන තරගය හෙට (07) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?