කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ (CPL) වාර්තා රැසක් තමාගේ නමින් ලියා ගන්නට චමරි අතපත්තු පසුගිය දා නිමාවට පත් වූ 2025 තරගවාරයේ දී සමත් වුණා.
ලෝකය පුරාවට සිටින විශිෂ්ඨම ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කරනු ලබන කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීගය පසුගිය මස 06 වැනිදා සිට 17වන දින දක්වා කොදෙව් දූපත් හි පැවැත්වුණා.
එම තරගාවලිය පුරාවට විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇය ක්‍රීඩාකළ බාබඩෝස් රාජකීය කණ්ඩායමට ශුරතාවය දින ගැනීම සඳහා විශිෂ්ඨ ද්යකත්වයක් දැක්වූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍රවන්නට ඇයට හැකි වුණා.
එම තරගාවලිය තමන්ගේ නමට ලිය ගත චමරි අතපත්තු මෙතෙක් ඉතිහාසයේ එම තරගාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවීම සටහන්කරමින් ලකුණු 07ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.
ඊට පසුව පැවති තරගයේ පිත්තෙන් ලකුණු 37 සහ පන්දුවෙන් කඩුලු 03ක් දවාගත් චමරි පියට පිට දෙවන වතාවටත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.
ඉන් පසු පැවති තරගයේද සුපුරුදු පරිදි තරගයේ වීරයා බවට පත් වුණේ ආක්‍රමශීලි පිතිහරණයක් දියත් කරමින් ලකුණු 89ක් රැස්කරමින් වූ අතර තරගවාරයේ පිතිකාරිනියක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද ඇයගේ එම ඉනිම පරිවර්තනය වුණා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය මෙන්ම වැඩිම හතරේ පහර සංඛ්‍යාවට ද හිමිකම් කියනු ලබන්නේ චමරි අතපත්තු වනවා.





