ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අලුත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මන්දගාමී ලෙස ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් හැකිලුනු බවත් මෙම වසරේදී ද මෙරට ආර්ථිකය හැකිලෙනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල සහ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව කලානුරූපීව ලබාගන්නා ප්‍රගතිය උපකල්පනය කරමින් මෙම පුරෝකථන ආසියානු සංවර්ධන බැංකුව සිදු කර තිබෙනවා.

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ දිගු කාලීන ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කළ යුතු බවත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ සහ තවත් කරුණු ගණනාවක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ බවත් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ලෙසට ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත්තේ 2016 සහ 2017 වසරේ ඇති වූ ව්‍යසනයන්, 2018 වසරේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය, 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය, 2020-2021 වසරවල ඇති වූ කොවිඩ් වසංගතය, 2022 වසරේ රුසියානු – යුක්රේන අර්බුදය, 2019 වසරේ සිදු කළ බදු කප්පාදුවයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8 කින් හැකිලුනු බවත් එය මෙම වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇති බවත් ඉන් පසුව ලබන වසරේදී සියයට 1.3 ධනාත්මක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව ලබාගනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ සියයට 46.4ක් වූ මෙරට උද්ධමනය මෙම වසරේදී සියයට 24.6 දක්වා අඩුවනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 5.5 දක්වා අඩුවනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29