AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවෙන් ප්‍රබල පාකිස්ථානයට ජයග්‍රහණ සඳහා ලකුණු 344ක දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 08 වැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රබල පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 344ක ඉලක්කයක් හිමි වුණා.

දෙරට අතර තරගය අද පැවත්වෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දි යි.

තරගයේ පළමු ව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පිටියට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පැමිණියේ පැතුම් නිස්සංක සමගින් කුසල් පෙරේරා යි.

එහෙත් පැතුම් නිස්සංක සාර්ථක වුවත් කුසල් පෙරේරා හට සාර්ථක වීමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කුසල් දැවී ගියේ හසන් අලී යොමු කළ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලැබයි.

ඉන් පසුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සමග එක් වූ පැතුම් අගනා ලකුණු 102ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 95කටයි.

පැතුම් ලකුණු 51ක් ලබා සිටියදී දවා ගන්නට ශඩබ් ඛාන් ට හැකි වුණා.

එහෙත් ශ්‍රී ලංකා පිතිකරණය එතැනින් හෝ දුර්වල කිරීම පාකිස්ථාන පන්දු යවන්නන්ගේ අභිප්‍රාය වුව ද, ඊට කිසිදු ඉඩක් වෙන් නොකිරීමටයි කුසල් මෙන්ඩිස් කටයුතු කළේ.

කුසල් මෙන්ඩිස් සදීර සමග එක් ව පන්දු 65කට විශිෂ්ට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගුවා.

මෙන්ඩිස් දැවී යන විට පන්දු 77කට ලකුණු 122ක් ලබාගෙන සිටියා.

සිය කුළුදුල් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අමරණීය කරගන්නට සදීර සමරවික්‍රමට හැකියාව ලැබුණා.

ඒ මෙතෙක් ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස ලබාගෙන සිටි ලකුණු 93 ඉක්මවා යමින්, මංගල ශතකය වාර්තා කරමිනුයි.

සදීරගේ ශතකයට දැවැන්ත හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

ලකුණු 108ක් ලබා සිටි සදීර 07 වැනි කඩුල්ල ලෙස හසන් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ධනංජය ද සිල්වා සහ සදීර අතරේ ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුණා.

ධනංජය ලකුණු 25යි.

හසන් අලී පාකිස්ථානය වෙනුවෙන් අද තරගයේ වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමින් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවෙන් කඩුලු 04ක් ම තමන් නමින් ලියා ගත්තා.

හාරිස් රවුෆ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ශාහීන් අෆ්‍රිඩි, මොහොමඩ් නවාස් සහ ශඩබ් ඛාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය ජයග්‍රහණය කිරීමට නම්, ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට පන්දු 300ක් තුළ දැවැන්ත ලකුණු 345ක් අවශ්‍ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?