ශ්‍රී ලංකාවෙන් ප්‍රබල පාකිස්ථානයට ජයග්‍රහණ සඳහා ලකුණු 344ක දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 08 වැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රබල පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 344ක ඉලක්කයක් හිමි වුණා.

දෙරට අතර තරගය අද පැවත්වෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දි යි.

තරගයේ පළමු ව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පිටියට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පැමිණියේ පැතුම් නිස්සංක සමගින් කුසල් පෙරේරා යි.

එහෙත් පැතුම් නිස්සංක සාර්ථක වුවත් කුසල් පෙරේරා හට සාර්ථක වීමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කුසල් දැවී ගියේ හසන් අලී යොමු කළ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලැබයි.

ඉන් පසුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සමග එක් වූ පැතුම් අගනා ලකුණු 102ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 95කටයි.

පැතුම් ලකුණු 51ක් ලබා සිටියදී දවා ගන්නට ශඩබ් ඛාන් ට හැකි වුණා.

එහෙත් ශ්‍රී ලංකා පිතිකරණය එතැනින් හෝ දුර්වල කිරීම පාකිස්ථාන පන්දු යවන්නන්ගේ අභිප්‍රාය වුව ද, ඊට කිසිදු ඉඩක් වෙන් නොකිරීමටයි කුසල් මෙන්ඩිස් කටයුතු කළේ.

කුසල් මෙන්ඩිස් සදීර සමග එක් ව පන්දු 65කට විශිෂ්ට ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගුවා.

මෙන්ඩිස් දැවී යන විට පන්දු 77කට ලකුණු 122ක් ලබාගෙන සිටියා.

සිය කුළුදුල් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අමරණීය කරගන්නට සදීර සමරවික්‍රමට හැකියාව ලැබුණා.

ඒ මෙතෙක් ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස ලබාගෙන සිටි ලකුණු 93 ඉක්මවා යමින්, මංගල ශතකය වාර්තා කරමිනුයි.

සදීරගේ ශතකයට දැවැන්ත හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

ලකුණු 108ක් ලබා සිටි සදීර 07 වැනි කඩුල්ල ලෙස හසන් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ධනංජය ද සිල්වා සහ සදීර අතරේ ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුණා.

ධනංජය ලකුණු 25යි.

හසන් අලී පාකිස්ථානය වෙනුවෙන් අද තරගයේ වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමින් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවෙන් කඩුලු 04ක් ම තමන් නමින් ලියා ගත්තා.

හාරිස් රවුෆ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ශාහීන් අෆ්‍රිඩි, මොහොමඩ් නවාස් සහ ශඩබ් ඛාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය ජයග්‍රහණය කිරීමට නම්, ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට පන්දු 300ක් තුළ දැවැන්ත ලකුණු 345ක් අවශ්‍ය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12