ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ අද පැවති තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නැංගුරම වූ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

එහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානි ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 13කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර, ලහිරු කුමාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 30ක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමුවා.

ලකුණු 145ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 12කට සීමා වුණා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පිටියෙන් ඉවත්වීමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා පිටියේ ස්ථාවර වෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඒ අනුව පන්දුවාර 18යි පන්දු 03කදී කඩුලු 04ක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන හිමිකර ගත්තා.

මෙම ජයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33