ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය අද (28) මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් රැස් කළා.
එහිදී ඩැරල් මිචෙල් ලකුණු 62ක් රැස්කළ අතර, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 59ක් නවසීලන්ත ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පළමු පන්දුවාර 10 තුළ නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට හැකියාව ලැබුනත්; අවසන් පන්දුවාර 10 තුළ ඩැරල් මිචෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් දෙදෙනා එක්ව 06 වන කඩුල්ල සඳහා ශතක සබඳතාවක් ගොඩනැගුවා.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 02ක් බිඳ දැමූ අතර, බිනුර ප්‍රනාන්දු ද ලකුණු 22 කට කඩුලු 02ක් බිඳ දැමුවා.
අද දිනයේ දැඩි ප්‍රහාරයකට ලක් වූ මතීෂ පතිරණ නවසීලන්ත ඉනිමේ එක් කඩුල්ලක් දවාගත්තේ ලකුණු 60ක් ලබා දෙමින්.
ඒ, අනුව මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළ ලකුණු 173ක ඉලක්කයක් හිමිව තිබෙනවා.