ශ්‍රී ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි විස්ස තරගය අද (28) මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

එහිදී ඩැරල් මිචෙල් ලකුණු 62ක් රැස්කළ අතර, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 59ක් නවසීලන්ත ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පළමු පන්දුවාර 10 තුළ නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට හැකියාව ලැබුනත්; අවසන් පන්දුවාර 10 තුළ ඩැරල් මිචෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

ඔවුන් දෙදෙනා එක්ව 06 වන කඩුල්ල සඳහා ශතක සබඳතාවක් ගොඩනැගුවා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 02ක් බිඳ දැමූ අතර, බිනුර ප්‍රනාන්දු ද ලකුණු 22 කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අද දිනයේ දැඩි ප්‍රහාරයකට ලක් වූ මතීෂ පතිරණ නවසීලන්ත ඉනිමේ එක් කඩුල්ලක් දවාගත්තේ ලකුණු 60ක් ලබා දෙමින්.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළ ලකුණු 173ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32