spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ශ්‍රී ලංකාවට නව ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක්

මෙරට නව ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක් ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ප්‍රතිපාදන ලබාදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගුවන් තොටුපොළට ආසන්නව කටාන හෝ ජා-ඇල ප්‍රදේශයේ දී එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා මුල්ගල් තැබීමට සැලසුම්කර ඇති බවයි පැවසුවේ.

ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නම් ජාත්‍යනතර මට්ටමේ ක්‍රීඩාංගණ 06ක් තිබිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ, සඳහා එක් ක්‍රීඩාංගණක අඩුවක් පවතින බවයි මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
55
+1
1
+1
3
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?