ශ්‍රී ලංකාවට තීරණාත්මක ටෙස්ට් තරගාවලියක පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද (22) සිල්හෙට් හිදී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අයි.සී.සි ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගාවලියක් වනවා.

ඒ, මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවමත් කිසිඳු ප්‍රසාද ලකුණක් ලබා නොගත් එකම කණ්ඩායම බවට පත්ව සිටීම හේතුවෙන්.

එමෙන්ම ධනංජය ද සිල්වාගේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය යටතේ දිවයිනෙන් පිටත ක්‍රීඩාකරන පළමු තරගාවලිය ද මෙයවීම විශේෂත්වයක්.

මේ අතර මෙම තරගාවලිය සඳහා කණ්ඩායම දෙකම අද එක්වන්නේ ටෙස්ට් ආකෘතියේ සඳහා විශේෂඥ ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමැතිවයි.

ඒ, අනුව බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් නොමැතිව මෙම තරගාවලියට එක්වන අතර, ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දු නොමැතිව මෙම තරගාවලියට එක්වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?