ශ්‍රී ලංකාවට ඇතුලු වූ පීඩන අවපාතය ගැන දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද අලුයම් කාලයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් හෙට (03) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශ කරා ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් මෙම පීඩන අවපාතය පිළිබඳ ගොඩබිම් ප්‍රදේශ දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා මෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ මෙම පීඩන අවපාතය හේතුවෙන් දිවයින පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරු මැද සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං බලාපොරොත්තු වනවා.

මෙම කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් නාය යාමේ අවදානම සහිත කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතුයි.

කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂා වීමට ද පියවර ගත යුතුයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු අතර හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට දැනුම් දෙනවා.

මේ අතර උතුරු අක්ෂාංශ 6ත් 12ත් අතර සහ නැගෙනහිර දේශාංශ 77ත් 83ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකියි.

මාතර සිට කොළඹ පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ උස මීටර් 2.5ක් 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි.

මේ හේතුවෙන් මාතර සිට කොළඹ පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට දැනුම්දෙනු ලබන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පි’ළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් සහ දැඩි වර්ෂාපතනයක් වාර්තා වුණා.

ගතවූ පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ යාපනය ප්‍රදේශයෙන්.

එම දෙපාර්තමේන්තුව කියාසිටියේ යාපනයට මිලිමීටර් 136ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. මීට අමතරව මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්වලට ද දැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පොළොන්නරුව සහ කිලිනොච්චි ප්‍රදේශවලට ද දැඩි වර්ෂාපතනයක් පැවති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15