ශ්‍රී ලංකාවට අයත් මෙට්‍රික් ටොන් 42,000ක ගෑස් තොගයක් දැනට මාලදිවයිනේ ස්ථානගත කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගම පවසන්නේ මෙම ගෑස් තොගය හැකි ඉක්මනින් දිවයිනට ගෙන ඒමට උත්සාහ කරන බවත්, එම ප්‍රමාණය අප්‍රේල් මාසය සඳහා වන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි.
මීට අමතරව, මැයි මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් රැගත් නෞකාවක් අප්‍රේල් 25 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
2
+1
+1
+1
+1













