ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ගුවන්යානා 21ක් අලුතින්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ ඉදිරි වසර 3 ඇතුලතදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළදැමීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවය.