ශ්‍රී පාද වන්දනාවේ පැමිණි ගැබිණි මවක් ඉදිකටු පහනේ දී දරුවෙකු බිහි කරයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටි ගැබිණි මවක් ඉඳිකටු පාන ප්‍රදේශයේදී දරුවෙකු බිහි කර තිබෙනවා.

එක්දරු මවක් වන මෙම කාන්තාව ඇයගේ දෙවනි දරුවා මෙලෙස ඉඳිකටු කටු පහන ප්‍රදේශයේ දී ඊයේ (11) දින රාත්‍රී බිහි කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සති අන්තය හේතුවෙන් ගත වූ දෙදින තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි ඇති අතර, එම පිරිස අතර සිටි රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් උඩ මළුව දක්වා කරුණා කරන අතර දරු ප්‍රසුතිය සිදුකර තිබෙනවා.

ඒ ගමන් වෙහෙස හේතුවෙන් ඉඳිකටු පාන ප්‍රදේශයේ නතර වී සිටිය දීයි.

ඊයේ රාත්‍රි 7.30ට පමණ දරු ප්‍රසුතිය සිදු කර ඇති අතර, එම අවස්ථාවේ ඇය සමග වන්දනාවේ කාන්තාවන් පැමිණි පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් වන්දනාවේ පැමිණ සිටි තවත් කාන්තාවන් පිරිසක් ඇයට සහයෝගය ලබාදී තිබෙනවා.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉඳිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයා පොලිස් මුරපොලේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහය මත මව සහ බිළිඳිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසටයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ බිළිඳා ගිලන් රථයට මගින් දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

දරු ප්‍රසුතිය සිදු කළ මව සහ අලුත උපන් සිඟිත්තිය නිරෝගීව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළා.

ශ්‍රී පාද මාර්ගයේ දී දරු ප්‍රසූතිය සිදු කළ කාන්තාව රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට, ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරීන්ට සහ බරකරුවන්ට පවුලේ ඥාතින් සිය කෘතඥතාවය පළ කළා.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ ගත වූ දෙදින තුල හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවයි.

එම වන්දනාකරුවන් අතරින් වැඩි පිරිසකට ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැකියාවක් ලැබී නැහැ.

ඊයේ පස්වරුවේ ද හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට බස් රථ සහ පෞද්ගලික වාහනවලින් විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා එම වාහන නල්ලතන්නියේ සියළු රථ ගාල්වල ගාල්කර සෙසු වාහන නල්ලතන්නියේ සිට නල්ලතන්නියේ රිකාටන් දක්වා මාර්ගයේ එක් පසක ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
290
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනාගතය ගැන හිතලා තමයි අපි තීන්දු ගන්නේ
07:24
Video thumbnail
ලොරි රථයක් පාරෙන් ඉවතට පැන දොළකට පෙරළෙයි
01:08
Video thumbnail
කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක ගින්නක්
01:28
Video thumbnail
මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග ගිහින් තරුණයෙක්ව බිහිසුණු අයුරින් එළොව යවලා
01:21
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58


?