ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය හෙට (02) දිනට යෙදී තිබෙනවා.
සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් සහෝදර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් හෙට (02) දින පැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට (02) දින ප.ව 2.00ට සැමරුම් උත්සවය ආරම්භ වනවා.
එම අවස්ථාවට පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීන් සහභාගි වීමට නියමිතයි.
1956 බලයට පත් මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විසින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග මුල්කර ගනිමින් 1951 සැප්තැම්බර් මස 02වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබුවා.





