ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය හෙට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය හෙට (02) දිනට යෙදී තිබෙනවා.

සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් සහෝදර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් හෙට (02) දින පැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හෙට (02) දින ප.ව 2.00ට සැමරුම් උත්සවය ආරම්භ වනවා.

එම අවස්ථාවට පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීන් සහභාගි වීමට නියමිතයි.

1956 බලයට පත් මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විසින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග මුල්කර ගනිමින් 1951 සැප්තැම්බර් මස 02වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39