ශක්තිමත් බවට කිරුළු පැළඳු ටාජ්

ඉන්දියාවේ විශාලතම ආගන්තුක සත්කාරක සමාගම වන ඉන්දියන් හෝටල් සමාගම (IHCL) අඟහරුවාදා නිවේදනය කළේ එහි “නිරූපී සන්නාමය” Taj නැවත වරක් Brand Finance විසින් ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය ලෙස අභිෂේක ගන්වා ඇති බවයි.

ඔවුන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ තෙවැනි වරට වීමත් විශේෂත්වයක්.

ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය විසින් ලොව ශක්තිමත්ම හෝටල් සන්නාම වාර්තාව ‘හෝටල් 50 – 2024’ වාර්ෂික වාර්තාව ලොව පුරා ඇති වටිනාම සහ ශක්තිමත්ම හෝටල් සන්නාම හඳුනාගනු ලබනවා.

Brand Finance හි Hotel 50 – 2024 වාර්තාවට අනුව, මේ වසරේ දී සන්නාම වටිනාකම ඩොලර් මිලියන 545 දක්වා සියයට 45කින් වැඩි වීමත් සමඟ Taj ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය බවට පත්ව තිබෙනවා.

එහි වැඩි දියුණු කරන ලද සන්නාම ශක්ති දර්ශකය (BSI) ලකුණු 100න් 92.9 ක් AAA+ ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් අතර එය Brand Finance විසින් පිරිනමන ඉහළම සන්නාම ශක්ති ශ්‍රේණිගත කිරීම ද වනවා.

Taj ලොව දෙවන වේගයෙන් ම වර්ධනය වන සන්නාමය ලෙස ද හඳුනාගෙන ඇති අතර ලොව ශක්තිමත්ම හෝටල් සන්නාමය බවට නම් කෙරුණු පළමු ඉන්දීය සන්නාමය ද වනවා.

Tata සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ Jamsetji Tata විසින් සංස්ථාපිත කරන ලද සමාගම, 1903 දී බොම්බායේ එහි පළමු හෝටලය – The Taj Mahal Palace විවෘත කළා.

IHCL සතුව ලොව පුරා මහද්වීප 4ක; රටවල් 13ක සහ සංවර්ධනය වෙමින් පවතින හෝටල් 99ක් ඇතුළුව හෝටල් 322ක් හිමියි.

ඉන්දියන් හෝටල් සමාගම (IHCL) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ඉන්දියාවේ විශාලතම සත්කාරක සමාගමද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?