වෝනර්ට ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවතට

එළඹෙන බිග් බෑෂ් 20-20 තරගාවලියේ දී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදීමේ වගකීම ඕස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඔහුට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට තීරණය කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කිසිඳු තරගයක දී කණ්ඩායමක නායකත්වය දැරීම වළක්වාලමින් තහනමක් පනවා තිබුණා.

2018 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය තුළ දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවීමෙන් පසු වෝනර්ට මෙම තරහනම පැනවූ අතර, තරග තහනමකට ද ඔහු ලක් කෙරුණා.

ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ද මෙම චෝදනාව යටතේ වරදකරුවන් වුණා.

කෙසේ වෙතත් වසර හය හමාරකට පමණ පසු ඩේවිඩ් වෝනර්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙලෙස තීරණය කිරීමත් සමඟ ඔහුට යළිත් ඕස්ට්‍රේලියාව තුළ දී නායකත්වය දැරීමට හැකියාව හිමිව තිබෙනවා.

2022 වසරේ දී ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහයේ වෙනස්කම් වලින් පසුව තහනම ඉවත් කිරීමට අවශ්‍ය නිර්ණායක වෝනර් සපුරා ඇති බවට ත්‍රිපුද්ගල කමිටුවක් තීරණය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08