AFC Banner
Empty Ad
Empty Ad

වෝනර්ට ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවතට

එළඹෙන බිග් බෑෂ් 20-20 තරගාවලියේ දී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදීමේ වගකීම ඕස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඔහුට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට තීරණය කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කිසිඳු තරගයක දී කණ්ඩායමක නායකත්වය දැරීම වළක්වාලමින් තහනමක් පනවා තිබුණා.

2018 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය තුළ දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවීමෙන් පසු වෝනර්ට මෙම තරහනම පැනවූ අතර, තරග තහනමකට ද ඔහු ලක් කෙරුණා.

ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ද මෙම චෝදනාව යටතේ වරදකරුවන් වුණා.

කෙසේ වෙතත් වසර හය හමාරකට පමණ පසු ඩේවිඩ් වෝනර්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙලෙස තීරණය කිරීමත් සමඟ ඔහුට යළිත් ඕස්ට්‍රේලියාව තුළ දී නායකත්වය දැරීමට හැකියාව හිමිව තිබෙනවා.

2022 වසරේ දී ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහයේ වෙනස්කම් වලින් පසුව තහනම ඉවත් කිරීමට අවශ්‍ය නිර්ණායක වෝනර් සපුරා ඇති බවට ත්‍රිපුද්ගල කමිටුවක් තීරණය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15
Video thumbnail
රන්ජන්ට සල්ලි තියෙනවා - රටේ සමාන්‍ය පුරවැසියන්ටත් හෙලිකොප්ටරේක යන්න පුලුවන් වෙන්න ඕනි
02:26
Video thumbnail
D.V චානක අනුර කුමාරව නැත්තට නැති කරයි
06:00

?