AFC Banner
Empty Ad
Empty Ad

වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රථයක් තුළ සිදුකළ ඝාතනයේ සැකකරුවන් අල්ලයි

පසුගිය 23 වනදා කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්, සමගි මාවත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 සහ 48 යන වයස්වල පසුවනවා.

මෙහිදී සැකකරුවෙක් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන ඇති අතර, මොවුන් මෙම අපරාධය සිදුකිරීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ කළු පැහැති ත්‍රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගත් අතර, මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බවයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?