වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නැහැ

වන්ධ්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.

එහි ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි කියා සිටියේ ඒ අනුව ඔහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ යෝජනාව අනුව 2019 වසරේ මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්  අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත්තේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ විස්ස – දෙක වගන්තියේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මණ්ඩලයක් පත් කර වාර්තාවක් හැකි ඉක්මණින් එවන ලෙස දැනුම් දුන්නද අදාළ වාර්තාව මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත, ලිපියක් යොමු කරමින්, සඳහන් කර තිබුණේ, වෛද්‍ය ෂාෆී ශහබ්දීන් හට හිඟ වැටුප් ගෙවා නැවත සේවයේ පිහිටුවන ලෙසටයි.

291340 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?