වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නැහැ

වන්ධ්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.

එහි ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි කියා සිටියේ ඒ අනුව ඔහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ යෝජනාව අනුව 2019 වසරේ මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්  අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත්තේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ විස්ස – දෙක වගන්තියේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මණ්ඩලයක් පත් කර වාර්තාවක් හැකි ඉක්මණින් එවන ලෙස දැනුම් දුන්නද අදාළ වාර්තාව මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත, ලිපියක් යොමු කරමින්, සඳහන් කර තිබුණේ, වෛද්‍ය ෂාෆී ශහබ්දීන් හට හිඟ වැටුප් ගෙවා නැවත සේවයේ පිහිටුවන ලෙසටයි.

291340 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51