Empty Ad
AFC Banner
Empty Ad

වෛද්‍ය ජයරුවන් CIDයෙන් සති 2ක් ඉල්ලයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට දින 14 ක කාලයක් ලබා දෙන ලෙස නීතිඥයින් අද(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ, මාධ්‍යවේදීයෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී වැරදි තොරතුරු ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළ කරුණු විමසීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරුන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණි.

සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා,

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කොවිඩ් ආසාදනය වෙලා දැනට කොවිඩ් සුව වීමෙන් පසුව ඇති වෙන යම් යම් සංකූලතා හේතුවෙන් යම් යම් උපදෙස් මත විවේක සුවයෙන් ගත කළ යුතුයි කියන වෛද්‍ය උපදෙස් ලබා දීලා තියන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දැනුම් දුන්නා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්තයාට දින 14 ක කායලක් එම ප්‍රකාශය ලබා දීම සඳහා ලබා දෙන්න කියලා. දින 14 කට පස්සේ ජයරුවන් බණ්ඩාර මහත්තයා ඇවිල්ලා සාකච්ඡාවේදී යම් කිසි කරුණක් හෙළිදරව් කරලා යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?