වෛද්‍ය ජයරුවන් CIDයෙන් සති 2ක් ඉල්ලයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට දින 14 ක කාලයක් ලබා දෙන ලෙස නීතිඥයින් අද(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ, මාධ්‍යවේදීයෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී වැරදි තොරතුරු ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළ කරුණු විමසීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරුන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණි.

සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා,

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කොවිඩ් ආසාදනය වෙලා දැනට කොවිඩ් සුව වීමෙන් පසුව ඇති වෙන යම් යම් සංකූලතා හේතුවෙන් යම් යම් උපදෙස් මත විවේක සුවයෙන් ගත කළ යුතුයි කියන වෛද්‍ය උපදෙස් ලබා දීලා තියන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දැනුම් දුන්නා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්තයාට දින 14 ක කායලක් එම ප්‍රකාශය ලබා දීම සඳහා ලබා දෙන්න කියලා. දින 14 කට පස්සේ ජයරුවන් බණ්ඩාර මහත්තයා ඇවිල්ලා සාකච්ඡාවේදී යම් කිසි කරුණක් හෙළිදරව් කරලා යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46