වෛද්‍ය හරීන් ද සිල්වා චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට ඇරයුම් ලබයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අදට (06) ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම රාජකීය උත්සවය සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වනු ඇති බවයි.

පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් වසර 70කට පසුවයි බ්‍රිතාන්‍යය තුළ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත් වෙන්නේ.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අපස්වරු 02.50ට ආරම්භ වීමට නියමිතයි.

රාජාභිෂේකය සඳහා තුන්වන චාල්ස් රජු හා කැමිලා බිසව බකින්හැම් මාළිගයේ සිට අළු පැහැති අශ්වයින් 6 දෙනෙකු බැඳි සාම්ප්‍රදායික කරත්තයකින් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැගෙන එමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හරීන් ද සිල්වා මහතාට III චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ්19 වසංගත සමයේ සාමාන්‍ය පුහුණුව සඳහා කළ සේවය වෙනුවෙන් ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමින් ද පිදුම් ලබා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ කොවිඩ් වසංගතය පැතිරීමට පෙර දකුණු යෝක්ෂයර් හි ජීවත් වූ වෛද්‍ය හරීන් ද සිල්වා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සැත්කම් අතර ආහාර විවේකයේ දී නිවාස නොමැති පුද්ගලයින්ට රැකවරණය ලබාදීමට ද ඉදිරිපත් වී ඇති බවයි.

ඊට අමතරව ඔහු කොස්ටාරිකා රාජ්‍යයේ ළමා ගම්මානයේ පුණ්‍යායතනයේ වෛද්‍යවරයකු ලෙස ද සේවය කර කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියාසිටියේ රාජාභිෂේකය සඳහා සහභාගී වීමට තමන් තරමක් චකිතයකින් පසුවන බවයි.

කෙසේ නමුත් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම් ලාභීන් 450කට අධික සංඛ්‍යාවක් චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වන බව ද සඳහන්.

එමෙන්ම රාජ්‍ය නායකයන්, විශේෂ ප්‍රභූන් ඇතුලු 2,000 කට ආසන්න පිරිසක් ඊට සහභාගීවීමට නියමිතයි. චාල්ස් රජු සමග රාජ මෙහෙසිය කැමිලා ද ඔටුණු පළඳිනු ඇති.

බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ, මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැමි මාලිගය තීරණය කර ඇති බවයි.

මේ සඳහා දෙවැනි එලිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද එකතු කිරීමට නියමිතයි.

මෙය, මෑත ඉතිහාසයේ දී රාජාභිෂේකයක් සඳහා ඔටුන්නක් නැවත භාවිත කරන පළමු අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

රාජාභිෂේකයට චාල්ස් කුමරුගේ සහ කැමිලාගේ පවුලේ සාමාජිකයින් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි.

හැරී කුමරු මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණත් ඔහුගේ බිරිඳ මේගන් මාකල් මෙම අවස්ථාවට නොපැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාජාභිෂේක මහෝත්සවයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 11,500ක් අනුයුක්ත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15