වෛද්‍යවරුන්ව අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස ගැන උසාවියේ තීන්දුව ලබන මස දී

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අයගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කල බවයි අප අධිකරණ වාර්තාකරු උදය කුමාර සඳහන් කළේ.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ගොනු කිරීමේ පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ විනිසුරු මඬුල්ල රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් නියෝග කළා.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවකාශ පවතින බවයි.

එසේ තිබියදී තමන්ව වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් අයැද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23