AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවා සති 03ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ කාර්ය සාධක බලකාය සිය අවසන් වාර්තාව මාස 02ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවයි අගවිනිසුරු චන්ද්‍රචුඩ් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

එම කාර්ය සාධක බලකාය විසින් වෛද්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව, සේවා තත්ත්වයන්, යහපැවැත්ම සහ අනෙකුත් සම්බන්ධිත කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු වනවා.

ශල්‍ය වෛද්‍ය ආර්. සරින්, ආචාර්ය ඩී නාගේෂ්වර් රෙඩ්ඩි, ආචාර්ය එම් ශ්‍රීනිවාස්, ආචාර්ය ප්‍රතිමා මූර්ති, ආචාර්ය ගෝවර්දන් දත් පූරි, ආචාර්ය සෞමිත්‍රා රාවට්, මහාචාර්ය අනීටා සක්සේනා, මහාචාර්ය පල්ලවි සැපේ, ආචාර්ය පද්මා ශ්‍රීවාස්තවා, මධ්‍යම කැබිනට් ලේකම්, ස්වදේශ ලේකම්, සෞඛ්‍ය ලේකම්, ජාතික වෛද්‍ය කොමිෂන් සභාවේ සභාපති සහ ජාතික විභාග මණ්ඩලයේ සභාපති එම කාර්ය සාධක බලකාය සඳහා නම්කර තිබෙනවා.

ලෝකයේම අවදානය යොමු වූ කොල්කටාවේ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත්කරනු ලැබුවා.

මෙම නඩුව විභාගයට ගත් අධිකරණය ප්‍රකාශ කළේ භූමියේ දේවල් වෙනස් වන තෙක් ජාතියට තවත් ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක් බලා සිටිය නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ කණ්ඩායමට කැබිනට් පේපර් එකක්වත් ඉදිරිපත් කරගන්න බෑ
03:48
Video thumbnail
මාලිමාවට ඡන්දෙ දීපු අය දැන් දුකෙන් ඉන්නේ #anurakumaradissanayake #npp #unp
05:50
Video thumbnail
ගාල්ල හොල්ලපු මෝටාර් උණ්ඩය මෙන්න
01:57
Video thumbnail
අනුර පත්කළ ජනතාවගේ අපේක්ෂාවන් කඩන් වැටිලා
04:07
Video thumbnail
සජිත් දිනුවනම් සජිත් නෙවෙයි - පේන්න ඉන්නේ අරයව - ලාල් කාන්ත සජිත්ට සැරට දෙසයි
13:18
Video thumbnail
විදපු තවත් එන්නතක් කුඩා දරුවන්ට විසවෙයි
01:20
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන තවත් හෝඩුවාවක් එළියට...#pasku #gotabayarajapaksa #akd #npp
11:18
Video thumbnail
ලොවෙත් නැති වෙන්න දිනලා ලොවෙත් නැති වෙන්න ණය ගන්න අනුරට සැපට දෙසන ලන්සා
10:53
Video thumbnail
වැරෙන් ගහපු දිල්ෂාන් මදුෂා එක්ක කරන්න යන වැඩේ
02:58
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11

?