වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවා සති 03ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ කාර්ය සාධක බලකාය සිය අවසන් වාර්තාව මාස 02ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවයි අගවිනිසුරු චන්ද්‍රචුඩ් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

එම කාර්ය සාධක බලකාය විසින් වෛද්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව, සේවා තත්ත්වයන්, යහපැවැත්ම සහ අනෙකුත් සම්බන්ධිත කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු වනවා.

ශල්‍ය වෛද්‍ය ආර්. සරින්, ආචාර්ය ඩී නාගේෂ්වර් රෙඩ්ඩි, ආචාර්ය එම් ශ්‍රීනිවාස්, ආචාර්ය ප්‍රතිමා මූර්ති, ආචාර්ය ගෝවර්දන් දත් පූරි, ආචාර්ය සෞමිත්‍රා රාවට්, මහාචාර්ය අනීටා සක්සේනා, මහාචාර්ය පල්ලවි සැපේ, ආචාර්ය පද්මා ශ්‍රීවාස්තවා, මධ්‍යම කැබිනට් ලේකම්, ස්වදේශ ලේකම්, සෞඛ්‍ය ලේකම්, ජාතික වෛද්‍ය කොමිෂන් සභාවේ සභාපති සහ ජාතික විභාග මණ්ඩලයේ සභාපති එම කාර්ය සාධක බලකාය සඳහා නම්කර තිබෙනවා.

ලෝකයේම අවදානය යොමු වූ කොල්කටාවේ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත්කරනු ලැබුවා.

මෙම නඩුව විභාගයට ගත් අධිකරණය ප්‍රකාශ කළේ භූමියේ දේවල් වෙනස් වන තෙක් ජාතියට තවත් ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක් බලා සිටිය නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10