වේගා මෝටර් රථ සඳහා අනුමැතිය (විඩියෝ)

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව මෙරට ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ ද එක්ව සිටියා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසිනුයි අදාළ අංක තහඩුව වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදු කෙරුණේ.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැති 2020 ජිනීවා අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයේ දී එළිදක්වනු ලැබූ වේගා රථය සැලැසුම් කර සංවර්ධනය කරනු ලැබුවේ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ උප සමාගමක් වන වේගා ඉනොවේශන් සමාගමයි.

මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ සැලැසුම් කර නිෂ්පාදනය කර ලොව ප්‍රධාන පෙළේ මෝටර් රථ ප්‍රදර්ශනයක එළි දැක්වූ පළමු මෝටර් රථයයි.

එය ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරයේ රැව්පිළිරැව් දුන් අවස්ථාවක් ලෙසට ද සැලකිය හැකියි.

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම මෝටර් රථය ක්‍රියාත්මක වන්නේ ද්විත්ත්ව මෝටරයකින් වන අතර සියලුම රෝද ඩ්‍රයිව් ඩ්‍රිවන් වන අතර, අශ්ව බල 804 සහ නිව්ටන් මීටර් 720ක එන්ජිත් ධාරිතාවක් ඊට හිමියි.

කිලෝවොට් 40ක බැටරි කට්ටලයක් ද ඊට එයට අයත්. තත්ත්පර 3.1ක් ඇතුළත පැයට කිලෝ මීටර් 0 සිට 100ක වේගයක් එයට ලබාගත හැකි බවටයි පරීක්ෂණ ධාවන වලදී සොයාගෙන ඇත්තේ. පැයට කිලෝ මීටර් 240ක උපරිම වේගයක් ලබාගත හැකි මේ වේගා රථයට එක් වරක් නියමිත පරිදි විදුලි අරෝපනයකින් පසු කිලෝ මීටර් 250ක දුරක් ගමන් කළ හැකියි.

වේගා EVX සුපිරි රථය ආසන දෙකක කාර් රථයක් වන අතර බහු තාක්ෂණික යෙදවුම් මෙහි ඇති අතර සැහැල්ලු කාබන් ෆයිබර් තහඩුවලින් ශක්තිමත්ව නිමවා තිබෙනවා.

මේ වන විටත් නිෂ්පාදන කටයුතු කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ලේ සිදුකෙරෙමින් පවතිනවා.

ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලෝකයේ මෘදුකාංග සමාගම් අතර ඉහලින්ම සිටින එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් මෙම සුපිරි ”වේගා” නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බව පැවසෙනවා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් සම්පූර්ණ්යෙන්ම දැතේ ශක්තියෙන් කොඩ නැගෙන මෙම ”වේගා” රිය ලෝකයේ ධනවතුන්ගේ ඉල්ලුමට පමණක් සැපයුම් ලබා දෙන රියක් බවටයි සදහන් වෙන්නේ.

https://youtu.be/6dVZNC7Apy8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46