වේගයෙන් වැඩෙන ඩකා – දිල්ලි සබඳතා

බංග්ලාදේශය සහ ඉන්දියාව අතර සබඳතාව අන්කවරදාටත් වඩා ශක්තිමත් සහ වේගවත් වී ඇතැයි බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා සෙනසුරාදා නවදිල්ලියේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති හමුවීමෙන් පසු පැවසුවා.

අසල්වැසි ජාතීන් දෙක අතර විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාවය පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබුණා.

බංග්ලාදේශයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවති නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

බංග්ලාදේශයේ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ මේ වසර මුලදී නව රජය පිහිටුවීමෙන් පසු ඇයගේ පළමු ද්විපාර්ශ්වික විදේශ සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණි අගමැති හසීනා තමන්ට කළ ආරාධනය පිළිබඳව අගමැති මෝදි වෙත කෘතඥතාව පළ කළා.

ඇය ඉන්දියාව ප්‍රධාන අසල්වැසියෙකු, විශ්වාසවන්ත මිතුරෙකු සහ තීරණාත්මක කලාපීය හවුල්කරුවෙකු ලෙස උත්කර්ෂයට නැංවූයේ 1971 දී බංග්ලාදේශයේ විමුක්ති යුද්ධයේදී ඇති වූ කල් පවතින බැඳීම අවධාරණය කරමින්.

“බංග්ලාදේශයේ නිදහස සඳහා ඉන්දීය රජය සහ ජනතාව දැක්වූ දායකත්වය මම කෘතවේදීව සිහිපත් කරනවා.

1971 අපේ විමුක්ති සංග්‍රාමයේ දී ජීවිත පරිත්‍යාග කළ ඉන්දියාවේ මියගිය අභීත වීරයන්ට මම දැඩි ගෞරව පුද කරනවා” යැයි අගමැති හසීනා පැවසුවා

2021 වසරේ බංගලිදේශයේ පැවති සැමරුම්වලට ඉන්දීය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වීම ඇතුළු ද්විපාර්ශ්වික සංචාර සමඟින් මෑත වසරවල දී දෙරට අතර තිරසාර සබඳතාවක් පවත්වාගෙන යනු ලැබුවා.

අගමැති හසීනා 2022 සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර 2023 දී නවදිල්ලියේ පැවති G20 සමුළුවට ද සහභාගී වුණා.

වත්මන් සංචාරයේ දී දෙරටේම නායකයෝ දේශපාලනය, ආරක්ෂාව, වෙළෙඳාම, සම්බන්ධතාව, පොදු ගංගාවලින් ජලය බෙදාගැනීම, බලශක්තිය මෙන්ම කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ආවරණය කරමින් ඵලදායී සාකච්ඡාවල නිරත වුණා.

ඔවුන් අන්‍යෝන්‍ය සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා සහයෝගීව කටයුතු කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළා.

“ඩකා සහ දිල්ලිය නව ගමනක් අරඹා ඇති හෙයින්, දැක්ම 2041 සහ 2047 වන විට වික්සිත් භාරත් අනුගමනය කරමින් ස්මාර්ට් බංග්ලාදේශයක් සහතික කිරීමේ අනාගත ක්‍රියාමාර්ගය අපි සැලසුම් කළෙමු,” ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉදිරි දැක්මක් ඇති ප්‍රවේශයක් පෙන්නුම් කරමින් අගමැති හසීනා විස්තර කළා.

අග්‍රාමාත්‍ය හසීනා සිය සංචාරය අතරතුර උප ජනාධිපති සහ ඉන්දීය ජනාධිපතිවරයා ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැණුනා.

“මෙම සියලු රැස්වීම් අපගේ දෙරටේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වැඩි අවබෝධයක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බංග්ලාදේශයට පැමිණෙන ලෙස මගේ ආරාධනය නැවත නැවතත් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි, ”අගමැති හසීනා වැඩිදුරටත් පැවසුවා.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?