AFC Banner
AFC Banner
Empty Ad

වෙළෙඳ ඇමති පාකිස්ථානයේ සංචාරයකට සුදානම් වෙයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්ථානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

දෙරටේ වෙළෙඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වන්නේ.

මීට අමතරව පාකිස්ථානයේ ඖෂධ සහ රෙදිපිළි ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?