වෙසක් පොහෝ දිනයේ ආදිවාසී ගම්මානයක සූදු පිටියක්

වෙසක් පොහොය දිනයේ දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනම්පිටිය පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට පත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දලුකාන ගම්මානයේ ම පදිංචි අවුරුදු 28ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් බවයි.

දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම සූදු පිටිය වැටලීමේදී තවත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් පිරිසක් පළා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

රජයෙන් ලැබෙන සහල් ආධාර අලෙවි කර මෙම ආදිවාසී කාන්තාවන් සූදු ක්‍රීඩාවේ නිරතව ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

සැකකරුවන් සමග ත්‍රී රෝද රථයක් ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට (06) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28