වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවට දැනුම්දෙයි

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (06) පෙරවරු 10.30 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබෙනවා.

ත්‍රිකුණාමලය, මුලතිව් හරහා සිට කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2 – 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09