AFC Banner
AFC Banner
Empty Ad

වෙරළබඩ මෙහෙයුමෙන් 48ක් අත්අඩංගුවට – අම්බලන්ගොඩත් මෙහෙයුම්

යුක්තිය මෙහෙයුම 02 යටතේ වෙරළබඩ පොලිස් වසමේ අද (04) අලුයම සිදුකළ මෙහෙයුමක දී හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 30 දෙනෙකු ඇතුළු තවත් විවිධ වැරදි හේතුවෙන් මුළු සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය පවසනවා.

අද අලුයම 5.30 පෙරවරු 8.30 දක්වා මෙම විශේෂ මෙහෙයුම පැවැත්වුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනා හැරුණුකොට සෙසු සැකකරුවන්ගෙන් තිදෙනෙකු වරෙන්තු පිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර; තවත් සැකපිට 09 දෙනෙකු සහ පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර යුක්තිය දෙවන මෙහෙයුමෙන් අම්බලන්ගොඩ පොලිස් වසමේ ද සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

එම සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 5 දෙනෙකු ද, සැකපිට තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3150ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ක් ද, තහනම් ආයුධ 02ක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම සැකකරුවන් අතර පාසල් සිසුවෙකු අපහරණයකට ලක් කළ තිදෙනෙකු ද සිටින බවත් සඳහන්.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ ගෝඩා මිලිමීටර් 153,000ක් තබා සිටි අයෙක් ද මෙහෙයුමෙන් අත් අඩංගුවට පත් වූවන් අතරට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?