වෙරළබඩ මෙහෙයුමෙන් 48ක් අත්අඩංගුවට – අම්බලන්ගොඩත් මෙහෙයුම්

යුක්තිය මෙහෙයුම 02 යටතේ වෙරළබඩ පොලිස් වසමේ අද (04) අලුයම සිදුකළ මෙහෙයුමක දී හොරයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 30 දෙනෙකු ඇතුළු තවත් විවිධ වැරදි හේතුවෙන් මුළු සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය පවසනවා.

අද අලුයම 5.30 පෙරවරු 8.30 දක්වා මෙම විශේෂ මෙහෙයුම පැවැත්වුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනා හැරුණුකොට සෙසු සැකකරුවන්ගෙන් තිදෙනෙකු වරෙන්තු පිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර; තවත් සැකපිට 09 දෙනෙකු සහ පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර යුක්තිය දෙවන මෙහෙයුමෙන් අම්බලන්ගොඩ පොලිස් වසමේ ද සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

එම සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 5 දෙනෙකු ද, සැකපිට තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3150ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ක් ද, තහනම් ආයුධ 02ක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම සැකකරුවන් අතර පාසල් සිසුවෙකු අපහරණයකට ලක් කළ තිදෙනෙකු ද සිටින බවත් සඳහන්.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සහ ගෝඩා මිලිමීටර් 153,000ක් තබා සිටි අයෙක් ද මෙහෙයුමෙන් අත් අඩංගුවට පත් වූවන් අතරට අයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09