“වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව ආපසු පැමිණීමටයි බලාපොරොත්තුව” – චමීරගෙන් විශේෂ සටහනක්

ලෝක කුසලාන තරගාවලිය අතර තුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ (28) පාදයේ සැත්කමකට භාජනය කෙරුණා.

සැත්කමින් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි අද (29) උදෑසන වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණේ.

මේ අතර සැත්කමින් පසු චමීර සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තම වෙනුවෙන් ආශීර්වාද කරන, යාඥා කරන සැමට සිය ස්තූතිය පුදකරන බවයි.

චමීර සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහන පහතින්..

“මගේ වළලුකර ශල්‍යකර්මය මීට ටික වේලාවකට පෙර සාර්ථකව සිදු කළා. ශල්‍යවෛද්‍ය මාර්ක් බ්ලැක්නි සහ කාර්ය මණ්ඩලයට ශල්‍යකර්මය පුරාවටම සහ එය සුමට ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා සියලු සහයෝගය ලබාදීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි. ඒ වගේම සුපුරුදු පරිදි මේ තත්ත්වයෙන් මාව බලා ගැනීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ස්තුතිය හිමි වෙනවා. බොහෝම ස්තූතියි මහාචාර්ය අර්ජුන ශල්‍යකර්මයට මෙහි පැමිණ මා ඔබගේ අධීක්ෂණයට ලක් කිරීම ගැන.ඒ, වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සහ සහාය කාර්ය මණ්ඩලයටත්, මගේ කණ්ඩායමේ සගයන්ටත්, මගේ හෘදයාංගම ආදරයට සහ මගේ පවුලේ අයටත් ස්තුතිවන්ත වෙනවා, ඕස්ට්‍රේලියාවේ මාව බලාගත්තු මගේ සියලු මිතුරන්ටත්, ඒ වගේම මට සුභ පැතුම් එක්කරන සහ මා වෙනුවෙන් ආශීර්වාද, යාඥා කරන ඔබ සැමට ස්තුතියි වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව ඉක්මනින් ආපසු පැමිණීමට බලාපොරොත්තුවනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43