වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කළ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් පසුගිය 03 වැනිදා ඇමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගෙන ඇමෙරිකාව වෙත ගෙන යනු ලැබුවා.
එලෙස හමුදා භාරයට ගෙන ඔහුව ඇමෙරිකාව වෙත ගෙන යාම සම්බන්ධයෙන් ලෝක දේශපාලන නායකයින් මෙන්ම විචාරකයන්බ්ද විවිධ මත පළ කරනු ලබනවා.
මේ අතර වෙනිසියුලානු විපක්ෂ නායිකා වන මාරියා කොරිනා මචාඩෝ පවසන්නේ නිකොලස් මදුරෝ මෙලෙස ඇමෙරිකානු හමුදා විසින් භාරයට ගැනීම “මනුෂ්‍යත්වය, නිදහස සහ මානව ගරුත්වය සඳහා දැවැන්ත පියවරක්” බවයි.
මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක පෙනී සිට පැය කිහිපයකට පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මචාඩෝ පවසන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට ඇය “කෘතඥ වන” බවයි.




