AFC Banner
Empty Ad
Empty Ad

වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්‍රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ප්‍රධාන කාර්යාලයේ සේවකයින් ‍දෙදෙනකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තවත් සේවකයින් 78 කුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිපල අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

මෙම ආසාදිතයින් වෙන්නප්පුව, ලුණුවිල, ගාලවත්ත, වයික්කාල, නයිනමඩම මිරිස්සන්කොටුව දන්කොටුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් අතර කාන්තා ආසාදිතයින් 15ක් මේ අතර සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති.

ආසාදිතයින් ඊයේ (21) රාත්‍රි බිංගිරිය හා දඹදෙණිය කොව්ඩි -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් නිරෝධානයට ලක් කල බව වෙන්නප්පුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එච්.එස්.ලුසේනා මහතා පැවැසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?