AFC Banner
AFC Banner
Empty Ad

වෙදආරච්චි පුත් සහ බිරිය රිමාන්ඩ්

අද (07) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිදිපත් කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ හෙට (08) දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.

පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මී හරින්දි ද සිල්වාට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සිටි ඔවුන් දෙදෙනා ඊයේ (06) පොලිසියට භාර වූ අතර අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් දෙදෙනා අධිවේගී මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පසුගිය දා සංසරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?