වෙඩි වැදුණු වන අලි පැටවෙක්ට ප්‍රථිකාර ලබා දීම ආරම්භ කරයි

අනුරාධපුර, කෝන්වැය ප්‍රදේශයේ පොස්පේට් රක්ෂිතය ආසන්නයේ අසාධ්‍යව රැදී සිටි වයස අවුරුදු 01 ක් පමණ වූ වනඅලි පැටවෙක්ට රක්ෂිතය තුළ නිර්වින්දනය කර ප්‍රතිකාර සිදුකිරීම ආරම්භකර තිබෙනවා.

මෙම අලි පැටවා අඩි 04 ක් පමණ වන කුඩා අලි පැටවකු වන අතර, එම වන අලි පැටවාට සිදු වූ වෙඩි තැබීමකින් ඉදිරි පාදය තුවාලවන්නට ඇති බවට සැක පළ කරනවා.

දින කීපයක් තිබීම හේතුවෙන් එම තුවාලය අසාධ්‍යව තිබී ඇති අතර තුවාලය හේතුවෙන් නිසි ලෙස ඇවිදීමට නොහැකිව ආහාර හා ජලය ගැනීමට නොහැකිව අලි පැටවා සිට ඇති බව ප්‍රතිකාර සිදු කරනු ලබන නිලධාරීන් පවසනවා.

නිර්වින්දනය කළ වන අලියා ප්‍රතිකාර අවසානයේදී ඉතා අන්පේක්ශිත අයුරින් වනජීවි නිළධාරීන් පසුපස පන්නා පහර දීමට උත්සාහ කළ අතර එහිදී වනජීවි නිලධාරීන් දිවගොස් එම අවස්ථාවෙන් බේරීමට කටයුතු කළා.

මෙම අලි පැටවාට මූලික ප්‍රථිකාර මේ ලෙස සිදු කළ අතර, සෞඛ්‍ය තත්වය අධීක්ෂණයකර ඉදිරි ප්‍රථිකාර සිදු කිරීම⁣ට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?