වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට සැත්කමක් සිදුකිරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ඉම්රාන්ගේ පාදයකට හානි සිදුව ඇති අතර, සිද්ධියෙන් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පකිස්ථානයේ කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේ දී ඊයේ (03) සංවිධානය කර තිබූ දේශපාලන රැළියක් අතරතුර දී ඉම්රාන් ඛාන් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම වෙඩි ප්‍රහාරය ලක් වුණා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු පොලිසියට පවසා ඇත්තේ හිටපු අගමැතිවරයාගේ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ හේතුවෙන් තමන් මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?