වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (05) පෙරවරු 08 සිට වැඩ වර්ජනයක නිරත වනවා.
මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල සේවා කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
වර්ජනය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවාවන්වලට ද බාධා සිදු වූ බව දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
රුධිර හා මුත්‍රා පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි රෝගීන් මේ වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට ලක් වූ බවයි වාර්තා වන්නේ.
අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 05ක් එක්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




