වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහායවීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹ ඇත.
ඒ අනුව වාරි පහසුකම් ප්‍රමාණවත් නොවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබාගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




