වී වගාවට පොහොර නිර්දේශ කිරීමේ ප්‍රතිපත්තිය වහා ඉදිරිපත් කරන්න – කෘෂි ඇමති

මෙවර යල කන්නයේ හා මීළඟ මහ කන්නයේ වී වගාව සඳහා රසායනික හා කාබනික පොහොර යෙදීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය හා නිර්දේශ වහාම ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

පසුගිය මහ කන්නයේ දී 70%ක් රසායනික පොහොර සහ 30%ක් කාබනික පොහොර වශයෙන් වී වගාවට පොහොර යෙදීම සම්බන්ධව නිර්දේශ ලබාදුන්න ද මෙම යල කන්නයේ දී එවැනි නිර්දේශයක් ලබානොදීම නිසා ගොවීන් අසීරුතාවයට පත්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් මේ සම්බන්ධව පැහැදිළි කිරීමක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර යල කන්නයේ දී ගොවීන් රසායනික පොහොර පමණක් යෙදීම සඳහා යොමු වී ඇති අතර, කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩ පිළිවෙලින් ඔවුන් දුරස් ව සිටින බව පෙනී ගොස් ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.

නමුත් කාබනික ගොවිතැනෙන් සියයට සියයක්ම ඉවත් විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ කාබනික ගොවිතැනින් ඉවත්වන්නේ නම් ඊට විද්‍යානුකූල පැහැදිළි කිරීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවට ලබාදිය යුතුයැයි ද අවධාරණය කර සිටියේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී රසායනික පොහොර යෙදීම හා පසුගිය මහ කන්නයේ අනුගමනය කළ 70%ක් රසායනික පොහොර හා 30%ක් කාබනික පොහොර යෙදීමේ ප්‍රතිපත්තිය යන දෙකම මෙවර යල කන්නය සඳහා නිර්දේශ කර ඇති බව සඳහන් කළා.

එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා පොහොර ප්‍රතිපත්තිය කඩිනමින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55