වී මෙට්‍රික් ටොන් 31,600 ක් මිළදී ගනී

වී මෙට්‍රික් ටොන් 31,600 ක් මෙම කන්නයේ මේ දක්වා මිළදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය විසින් පවසනවා.

මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා සඳහන් කළේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, වැනි ප්‍රදේශවලින් මේ වනවිට වී මිලදි ගෙන ඇති බවයි.

නාඩු වී කිලෝවක් රුපියල් 90 කට – සම්බා වී කිලෝවක් රුපියල් 92 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 ක මිලකට මිලදී ගන්නා බව සභාපතිවරයා කියාසිටියා.

නීල් ද අල්විස් මහතා පැවසුවේ වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට වී ගෙනවිත් දෙන්නේ නම් නාඩු වී කිලෝවකට රුපියල් 92 ක්, සම්බා වී කිලෝවකට රුපියල් 94 ක්, කීරි සම්බා වී කිලෝවකට රුපියල් 97 ක් ලෙස කිලෝවකට වැඩිපුර රුපියල් 02 ක මුදලක් ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?