වී මිලදී ගන්න තවත් කෝටි 300ක්

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන 03ක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මින් පෙර රජය විසින් වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය (03) වන විට එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන්ව තිබුණා.

අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එකඟත්වය පළ කර තිබූ අතර, ඒ අනුව ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් තවත් රුපියල් බිලියන 03ක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබාදීමට පියවර ගෙන ඇත්තේ.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර තීරණය කළා.

එලෙස මිල දී ගන්නා වී සහල් බවට පත් කර රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට එක් පවුලකට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් මඟින් මාස 02ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අදාල සහල් බෙදාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරෙන අතර, අවශ්‍ය වුවහොත් තවත් මාස කිහිපයක් එලෙස සහල් ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14