වී මිලදී ගන්න තවත් කෝටි 300ක්

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන 03ක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මින් පෙර රජය විසින් වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය (03) වන විට එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන්ව තිබුණා.

අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එකඟත්වය පළ කර තිබූ අතර, ඒ අනුව ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් තවත් රුපියල් බිලියන 03ක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබාදීමට පියවර ගෙන ඇත්තේ.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර තීරණය කළා.

එලෙස මිල දී ගන්නා වී සහල් බවට පත් කර රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට එක් පවුලකට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් මඟින් මාස 02ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අදාල සහල් බෙදාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරෙන අතර, අවශ්‍ය වුවහොත් තවත් මාස කිහිපයක් එලෙස සහල් ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?