AFC Banner
Empty Ad

වී අස්වැන්නට නිසි මිලක් නැහැ (වීඩියෝ)

නැගෙනහිර පළාතේ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවට ගොවීන් මෙවරත් මැසිවිලි නගනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවල මේ වන විට වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ වී අස්වනු සඳහා නිසි මිලක් නොමැති වීමෙන් ඔවුන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවයි.

පෞද්ගලික වී වෙළෙඳුන් විසින් වී කිලෝ ග්‍රෑමයක් මිලදී ගන්නේ රුපියල් 75ත් 80ත් අතර ඉතා අඩු මුදලකට බව ගොවීන් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් මෙවර වී අස්වනු නෙලීම නෙලීමේ යන්ත්‍රෝපකරණ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජයෙන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවටත් ගොවීන් චෝදනා කළා.

ගොවීන් මෙලෙස චෝදනා කරද්දී අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා කැළෑ වැදී විනාශ වී ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

ගොවීන් පවසන්නේ රජයේ වී ගබඩා විවෘත කර වී මිලදී ගන්නේ නම් පෞද්ගලික වෙළෙඳුන්ට අඩු මුදලට තම අස්වැන්න ලබා දීමට සිදු නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?