වීසා අවලංගු කළ ස්කොට්ලන්ත කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා ගාලුමුවදොර පැවැති ගෝඨා ගෝ ගම අරගලයට ක්‍රියාකාරිව මැදිහත් වූ බවයි.පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බවයි ඇය පෙන්වා දෙන්නේ.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?