වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 80 වන වියේ පසුවූ ඔහු පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවුණා.

1941 අගෝස්තු මස 05 වන දින හපුතලේ දී උපත ලැබූ විජේසිංහ ජයවීර මුදියන්සෙලාගේ ලොකුබණ්ඩාර හෙවත් වීජමු ලොකුබණ්ඩාර 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිස එම රජයේ දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

එමෙන්ම, 1989 වසරේදී සංස්කෘතික කටයුතු, අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කරනු ලැබුවා.

1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය පරාජයට පත්වීමෙන් පසුව 2001 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ ද වි.ජ.මු. ලොකුබණ්ඩාරයි.

2004 අප්‍රේල් 22 වන දා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස වි.ජ.මු. ලොකුබණ්ඩාර පත්වූයේ පැය 09ක් පුරා පැවති මතභේදාත්මක රහස් ඡන්ද විමසීමකින්.

ඒ අනුව 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා පාර්ලිමේන්තුවේ 16 වන කථානායක ලෙස අභාවප්‍රාප්ත වි.ජ.මු. ලොකුබණ්ඩාර කටයුතු කළා.

දේශපාලනයට අමතරව සාහිත්‍යධරයෙකු, ගීත රචකයෙකු සහ කවියෙකු වන මොහු මුණිදාස කුමාරතුංග ආරම්භ කරන ලද හෙල හවුලේ සිංහල සාහිත්‍ය සංවිධානයේ සාමාජිකයෙකු වනවා.

සීගිරි ගී සර, රසදීපනී, ගරු කතානායකතුමනි – මැතිසබේ කළ කතා වැනි ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වි.ජ.මු. ලොකුබණ්ඩාර පුතුන් තුන් දෙනෙකුගේ පියෙකු වනවා. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?