විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු පාකිස්ථාන ගැටුම ප්‍රේමදාසේ

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව තරගාවලියේ පාකිස්ථානය සහභාගීවන සියලුම තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර පාකිස්ථානය අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එසේ නොමැතිව වෙනත් රටවල් දෙකක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වන දින ආරම්භ වී මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා ICC විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

තරඟාවලිය සඳහා කණ්ඩායම් විස්සක් සහභාගී වන අතර පැවැත්වෙන සමස්ත තරඟ සංඛ්‍යාව 55ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?